මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවේවි කියලා ඇය ජිවිතයේ කිසිම දවසක හිතන්න නැතුව ඇති...
ඒත් නොසිතූ ලෙස ඇය සිය ජිවිතයෙන් සමුගෙන ගිහින්... මේ කියන්න හදන්නේ මාතරම බියෙන් සලිත කළ ඒ බිහිසුණු කතාව ගැනයි...
කඹුරුපිටිය පොලිස් වසමේ දී අද (31) පිහියකින් සහ යකඩ මල් පෝචිචියකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස 34ක් වූ අවිවාහක කාන්තාවක් වන අතර ඇය වෘත්තියෙන් ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ තවමත් මේ පිළිබඳව විමර්ශන සිදු කරන බවයි.
Post a Comment