නුවරඑලිය මහනුවර ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් සිව්දෙනෙක් සහ පුද්ගලයන් දෙදෙනෙකු (11) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරිමේ ජාවාරමක් මෙම ස්ථානයේ සිදුකරගෙන ගොස් ඇති බවත්, උපාය දුතයෙකු යොදා ගනිමින් එම ස්ථානයේ සිදුකරගෙන ගිය ගණිකා ජාවාරම සිදුකරගෙන ගිය බවට තහවුරු වු නිසා කාන්තාවන් සිව්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානයේ කලමණාකරු, සහකාර කලමණාකරු අත්අඩංගුවට ගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් රත්නපුර, වැලිමඩ, ගාල්ල, කොළඹ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවත්, සැකකාරිනියන් අවු 21-34 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, මෙම ජාවාරම සිදුකරගෙන ගිය සැකකරුවන් දෙදෙනා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
Post a Comment