ටීචර් අම්මා එක්ක තරහක් නෑ.! හැබැයි හෘදය සාක්ෂියට එකඟව හොඳම ගුරුතුමිය සම්මානය දෙන්න බෑ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

“ටීචර් අම්මා” නැතහොත් හයේෂිකා ප්‍රනාන්දු හට හොඳම ගුරුවරියට හිමි සම්මානය දීම ප්‍රතික්ෂේප කර සිටියේ තම හෘද සාක්ෂියට අනුව බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි .

 

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

 

ඊට අදාළ සිදුවීම වූයේ පසුගියදා පැවති සම්මාන උළෙලකදී අදාළ ගුරුවරිය ජනප්‍රිය ගුරුවරිය ලෙස සම්මානයට පාත්‍රවූ අවස්ථාවේ ඒ මොහොතේ සම්මාන ප්‍රදානය සඳහා වේදිකාවේ සිටි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ එය පිරිණැමීමේ අවස්ථාව එහි සිටි වෙනත් අයෙකුට පැවරීමය.

 

මේ සම්බන්ධව පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

 

“ඇයත් සමඟ කිසිඳු පෞද්ගලික අමනාපයක් නෑ. හමුවුණෙත් එදා. අපේ රටේ ගුරු විදුහල්පතිවරුන් 265000ක් පමණ ඉන්නවා. ඔවුන් අතරින් හොඳම ගුරුවරිය ලෙස සම්මානය දෙන්න හෘද සාක්ෂියට අනුව හැකියාවක් තිබුණේ නෑ. ඉතිං මම ඉතා නිහතමානිව සම්මානය දීම ප්‍රතික්ෂේප කළා.”

Post a Comment

Previous Post Next Post