ඇයට තවත් ජීවත් වෙන්න වාසනාව තිබුණා.. පුංචි මලිංෂාගේ ජීවිතය බේරුනෙත් අනූ නවයෙන්.. යටි­නු­වරම කම්පා කළ ඛේදවාචකයේ වෙනස් කතාවක් එළියට..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වෙනකොට ඇයට ආදරය කළ කවුරුත් ඇය ළඟ නැහැ..

පුංචි මලිංෂා ඒ වුණු සිදුවීමත් එක්ක තවමත් ඇත්තේ කම්පනයෙන්..

මේ කියන්න යන්නේ ඒ සිද්ධියෙන් දිවි බේරාගන්න වාසනාවන්ත වුණු ඇය අත්විඳි ඒ අත්දැකීම ගැන අද ඇසෙන කතාවයි..

ඇයගේ ජීවිතය උදුරාගන්නත් මේ පියා කටයුතු කළත්, ඇයට තවත් ජීවත්වීමට වාසනාව තිබුණා..

ඔහු සිය බාල දිය­ණිය ද ඝාත­නය කිරී­මට සැල­සුම් කර ඇතත් එය ව්‍යර්ථව ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි. යටි­නු­වර ප්‍රාදේ­ශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත ඔහුගේ බිරිය හා දාහත් හැවි­රිදි දිය­ණිය ඝාත­නය කර සිය­දිවි හානි­කර ගැනීම සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වන්නේ පේරා­දෙ­ණිය පොලී­සි­යයි. මේ අප­රා­ධය සිදුව ඇත්තේ ඊයේ (29) අලු­යම් කාල­යේ­දීය.

බිරිය හා දිය­ණිය ඝාත­නය කිරී­මෙන් පසු විපක්ෂ නාය­ක­ව­රයා ඔවුන් පදිංචි දෙම­හල් නි‍ෙවස පිටත සිය­දිවි හානි කර­ගෙන තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී ඇත.

ඝාත­න­යට ලක්ව ඇත්තේ ඔහුගේ බිරිය වන දිල්රුක්ෂි ජය­ලත් කුමා­රගේ (45) හා දිය­ණිය වන ශිහාරා ආශිං­සනී හපු­ගොඩ (13) නැමැති දෙදෙ­නාය.

නිදි පෙති වර්ග­යක් බිරි­යට හා දිය­ණි­යට බීමට දී නින්ද ගිය පසු ඔවුන් ඝාත­නය කර තිබෙන බවට පොලී­සිය සැක කරයි. දිය­ණිය නි‍ෙවසේ කාම­ර­යක ඇඳක් මත ද බිරිය ඇඳ පාමුල ද ඝාත­නය කර සිටි­යදී සොයා­ගත් බව පොලී­සිය පව­සයි. ගෙල වය­ර­ය­කින් සිර­කර මේ ඝාතන සිදු­කර ඇතැයි පොලී­සිය සඳ­හන් කළේය.

බාල දිය­ණිය නෙත්මි මලිංෂා හපු­ගොඩ (12) දැරිය කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදු­හලේ 8 වැනි වසරේ ඉගෙ­නුම ලබන අතර ඇය පෙරේදා (28) විදු­හල සංවි­ධාන කළ අධ්‍යා­පන චාරි­කා­වක් ගොස් ඇත. එදින රාත්‍රියේ විදු­හ­ලට ගොස් ඇය නි‍ෙව­සට රැගෙන විත් ඇත්තේ ද ඇගේ පියා වන විපක්ෂ නාය­කයා විසිනි.

ඒ වන­වි­ටත් ඔහු බිරිය හා අනෙක් දිය­ණිය ඝාත­නය කර තිබී ඇතැයි පොලී­සිය සැක කරයි.

දැරිය පොලී­සි­යට පවසා ඇත්තේ පියා තම­න්ටත් යම් පෙති වර්ග­යක් පානය කිරී­මට දුන් බවය.

අලු­යම් කාලයේ තම ගෙල සිර වන බවක් දැනී­මෙන් අවදි වූ තමාට, වය­ර­යක් අතැ­තිව සිටින පියා දැක ගැනී­මට හැකි වූ බවත් ඒ අව­ස්ථාවේ පියා තමාව බදා ගනි­මින් හැඬූ බවත් බාල දිය­ණිය පොලී­සිය හමුවේ පවසා තිබේ.

ඉන්පසු පියා නාන කාම­ර­යට යන බව පවසා පිටව ගොස් ඇති අතර මඳ වේලා­ව­කට පසු ගෙර­විලි ශබ්ද­යක් තමාට ඇසුණු බවත් එහි ගොස් බැලී­මේදී පියා එල්ලී සිටින ආකා­රය දැක ගන්නට ලැබුණු බවත් දැරිය පවසා ඇත.

දිනමිණ පුවත්පත ඇසුරෙන්..

Post a Comment

Previous Post Next Post