සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
උපේක්ෂාවෙන් සෑම දෙයක්ම දරාගන්නා රංගන ශිල්පිනියක්..
මේ කියන්න යන්නේ කවුරු ගැනද කියන එක ඔබ මේ වෙද්දිත් හොඳින්ම දන්නා දෙයක්නේ..
තරින්දි ප්‍රනාන්දු, ඊයේ සුමති සම්මාන රාත්‍රිය ඇයට විශේෂ වුණේ වසරේ හොඳම නිලිය සම්මානය ඇගේ රංගනය වෙනුවෙන් හිමිවූ නිසායි..
ඒත් ඒ සම්මානය දෝත දරාගන්න , වේදිකාව උඩට ගිහින් ඒ සතුට බෙදාගන්න තරින්දි ලංකාවේ හිටියේ නෑ කියන එක ඇයට ආදරය කරන බොහෝ දෙනා මේ වෙද්දී දන්නා කාරණයක්..
තරින්දිගේ මේ ආදරණීය ජයග්‍රහනයෙන් පස්සේ ඇයගේ අතින් ඇගේ මුහුණුපොතට විශේෂ සටහනක් ලියැවෙනවා.. අන්න ඒ අමරණීය මොහොත ගැන දුර රටක ඉන්න ඇයට මේ මොහොතේ දැනෙන හැඟීම ගැන තරින්දි කීව්වේ මෙන්න මේ වගේ කතාවක්..
"ඉවසන දනෝ තම වේලාව එනතෙක් සන්සුන්ව සිටිති. එහෙත් අන්තිමේදී ඔවුන්ගේ ප්‍රීතිය දිස්වෙයි." (උපදේශකයා හෙවත් සිරාක් 1:22-24)
"මේ තත්පරයේ මම ඉන්නේ කැනඩාවේ. ඒත් මම ඉන්න තිබුණේ ලංකාවේ. මොකද මගේ රටෙන් කිලෝමීටර් දහස් ගානක් ඈත දී මම දැනගන්නවා සුමත් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය මට හිමිවුණු බව.. ඒ සතුට ඔබත් එක්ක බෙදාගන්න මට තිබුණ අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට..."
"අම්මාවරු නැති දරුවන්නේ.. සංකා-දුක් කව්දෝ දන්නේ" ඉතින් අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා මං වෙනුවෙන් ඒ සම්මානය ලබාගත්තා. අනිත් හැම තැනකදී වගේම චතුර අවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කරලා දීලා මං වෙනුවෙන් ඒ හැම තැනකම අක්කා එක්ක ඉදලා තිබුණා. සජීවීව බලාගෙන ඉද්දි අපේ අම්මා ගේ ආශිර්වාදය ත් අපිව මේ තරම් දුරක් ගෙනාව තාත්තා ගේ නිහඬ ශක්තියත් නෑදෑයින් ගේ යාළුවන් ගේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින් ගේ බලාපොරොත්තුවේ මහිමයත් මට ඒ තත්පරයේ දැනුනා.
අන්න ඒ වෙලාවේ මගේ අක්කා ගේ මූණේ ඇදුනු හිනාව දැක්කාම "ඉවසන දනෝ තම වේලාව එනතෙක් සන්සුන්ව සිටිති. එහෙත් අන්තිමේදී ඔවුන්ගේ ප්‍රීතිය දිස්වෙයි" කියන බයිබල් පාඨය මතක් වුණා.
කිසිම කෙනෙකුගේ ජීවිත සුවපහසු මාර්ගයක යෙදිලා ඇති කියලා මම හිතන්නෙ නෑ. අපි හැම කෙනෙකුටම අද මට වගේම දවසක තමන් දරාගත්ත, ගෙවාගත්ත පරිච්ඡේද එක්ක හරි ලස්සන කතාවක් තියෙනවා."
Post a Comment