මිනිස් දරුවකු බිහිකළ හැකි ගැබිනි රොබෝවක් චීනයෙන්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලෝකයේ පැවැත්ම මුළුමනින්ම රඳා පැවතුණ මිනිස් වර්ගයාගේ බෝවීම ද තාක්ෂණයෙන් සිදුකරගැනීමේ කාලය උදාවී ඇති බව චීනයෙන් වාර්තා වෙනවා.

මිනිසුන් AI රොබෝවරුන් සමඟ විවාහ වීමට සූදානම් වෙද්දී මිනිස් දරුවන් බිහිකිරීමට රෝබෝවරුන් යොදාගැනීම පිළිබඳ පර්යේෂණ කිරීමටයි චීනය පියවර ගෙන ඇත්තේ.

කෘත්‍රිම ගර්භාෂයක් සහිතව නාලයක් මගින් පෝෂණය ලබාදී මාස 10ක කාලයක් මිනිස් කළලයක් පෝෂණය කිරීමේ හැකියාව සහිත රොබෝ දරු ගැබක් නිර්මාණය කරමින් සිටින බව චීනයේ කයිවා තාක්ෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය ෂැංග් ක්වීෆෙං පවසනවා.

මානවරූපී ගැබිනි රොබෝවක් මේ සඳහා නිර්මාණය කරමින් සිටින අතර එහි මූලාකෘතිය ලබන වසරේදී එළිදැක්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දරුවන් සෑදීමට නොහැකිව සිටින යුවළවල් සඳහා රොබෝ දරු ගැබ කුලියට ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් මාස 10ක් සඳහා අවම වශයෙන් යුවාන් ලක්ෂයක මුදලක්වත් වැයවෙනු ඇති බවත් චීනයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආචාර්ය ෂැංග් පවසන්නේ නව බොරෝ නිර්මාණය හුදෙක් ඉන්කියුබේටරයක් නොව කළලය පිළිසිඳ ගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා සමස්ත ක්‍රියාවලියම සිදුකළ හැකි මානවරූපී රොබෝවක් බවයි.

‘කෘතිම ගර්භාෂ තාක්ෂණය දැනටමත් පරිණත අවධියක පවතින්නක්.දැන් එය රොබෝගේ උදරයේ රෝපණය කළ යුතු අතරම එමඟින් සැබෑ පුද්ගලයෙකුට සහ රොබෝවරයාට ගැබ් ගැනීම සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර් ක්‍රියා කළ හැකි අතර කළල රූපය ඇතුළත වර්ධනය වීමට ඉඩ සලසනවා’ යැයි ද ආචාර්යවරයා සඳහන් කළා.

මීට පෙර සිදු කරන ලද අත්හදා බැලීම්වලදී ප්ලාස්ටික් බෑගයකට සමාන කෘතිම ගර්භාෂයක් තුළ නොමේරූ බැටළු පැටවුන් සති ගණනක් ජීවත් කරවීමට විද්‍යාඥයෝ සමත් වී තිබුණා.

AI චැට්බොට් සමාගමක් වන Joi AI විසින් සිදුකළ පරීක්ෂණයකදී පසුගියදා අනාවරණය වී තිබුණේ Gen Z පරම්පරාවේ 80%ක් පමණ AI සහකරුවකු සමඟ විවාහ වීමට කැමති බවයි.

Post a Comment

Previous Post Next Post