සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පසුගිය දිනවල තරුණියන් තිදෙනෙකු විසින් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ලැබුණු තොරතුරු සහ දර්ශන ඔස්සේ බුත්තල පොලිස් ස්ථානය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලද අතර එහි ප්‍රථිපලයක් ලෙස යතුරු පැදියෙහි ලියාපදිංචි අයිතිකාරිය, පැදිකාරිය සහ පසුපස ගමන් ගත් අනෙක් තරුණියන් දෙදෙනා හඳුනා ගැනීමට එහිදී හැකි විය.
ඔවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
මෙසේ අපරික්ෂාකාරී ලෙස යතුරු පැදිය පැදවූ වයස අවුරුදු 23ක් වන තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බවට විමර්ශනයේදී අනාවරණය විය.
ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදිය ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියේ දෙදෙනෙකු රැගෙන යාම, වැඩිපුර මගීන් රැගෙන යාම, අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකාරිය ද, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බුත්තල පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

Post a Comment