සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
තවත් වසර ගණනාවක ඉදිරි කාලය සඳහා වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත්වීමේ ඉඩකඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් විපක්ෂය කිසිදු දෙයක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව මුළුමනින්ම අනාථ වී ඇති බවයි.
එමෙන්ම මේ වන විට රටේ දේශපාලන බලය පවතින්නේ සාමාන්‍ය නිර්ප්‍රභූ පන්තිය සතුව බවද ඔහු අවධාරණය කළේය.
මේ දිනවල අස්වනු නෙළන ගොවීන්ට තම වී ටික විකුණා ගැනීමට නොහැකිව මුහුණ දී ඇති අසීරුතාව සහ ඔවුන් නගන මැසිවිලි පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එම ගැටලුවට සෘජුව පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, තමන්ද ගොවිතැන් කරන අයෙකු බව සිහිපත් කරමින් කියා සිටියේ මේ දිනවල වී අලෙවි කිරීමට තරම් ගොයම් කැපීමක් සිදු නොවන බවයි.

Post a Comment