සිසුවියක් දුෂණය කර වීඩියෝව Internet දාලා.. විදුහල්පති, උප විදුහල්පති, සිසුවෙක් අත්අඩංගුවට...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අම්බලන්තොට ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ඊට සම්බන්ධ සැකකාර පාසල් සිසුවා අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 19 වැනිදා සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.


පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් මැයි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී මෙම අපරාධය සිදුව ඇත. එහිදී එම උත්සවයට සහභාගි වීම සඳහා වෙනත් පාසලකින් පැමිණි 15 හැවිරිදි වියේ පසුවන සිසුවකු විසින්, විද්‍යාලීය ගොඩනැගිලි අතර පිහිටි සැඟවුණු ස්ථානයකදී මෙම දැරිය අපයෝජනයට ලක් කර තිබේ.


වඩාත් බරපතළ කරුණ නම්, මෙම අපයෝජන සිදුවීම ජංගම දුරකථන ආධාරයෙන් දර්ශනගත කර, පසුව සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වීමයි.


මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පුළුල් විමර්ශන අරඹා ඇත.


දැනට වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා වින්දිත දැරිය රෝහල්ගත කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

Previous Post Next Post