මිද්දෙනියේ පියා, දියණිය සහ පුතු ඝාතනය කළ සිද්ධියේ අලුත්ම කතාව මෙන්න..


 සිද්ධියෙන් කිසිවක් නොදන්නා පුංචි දියණිය සහ පොඩි පුතෙකු ජීවිතය හැර ගියා... මේ අවාසනාවන්ත සිදුවීම නිසා  බොහෝ දෙනෙක් සංවේදී වුණා.. 


මේ අපරාදය කළේ කවුද..? ඒ ගැන පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙනවා.. ඉතිං මේ කියන්න හදන්නේ ඒ ගැන අහන්න ලැබෙන අලුත්ම කතාවක්..


මිද්දෙණිය - කඩේවත්ත මංසන්ධියේදී පියා සහ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


සෙසු සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.


අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා 35 හැවිරිදි තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ කැප්පිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.


සෙසු සැකකරුවන් දෙදෙනා 37 සහ 39 වයස්වල පසුවන වලස්මුල්ල සහ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචි හිටපු යුධ හමුදා සෙබලුන් දෙදෙනෙකු වනවා.


අපරාධය සිදුවූ ස්ථානය අසල තිබි හමුවූ මාංචු කුට්ටම් දෙක සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම මාංචු කුට්ට්ම් පොලිස් නිළධාරියෙකු විසින් මියගිය පුද්ගලයාට ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.


මේ අතර, මියගිය පියාගේ සහ දරුවන් දෙදෙනාගේ දේහ පිළිබද අවසන් කටයුතු හෙට මැදමුලන ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.


ඔවුන්ගේ දේහ මිද්දෙණිය කුඩාගල් ආර ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පසුගිය 19 වනදා රැගෙන ආ අතර, මියගිය පුත්‍රයාගේ දේහය ඊයේ රාත්‍රියේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.


විදෙස්ගතව සිටි දරුවන්ගේ මව ඊයේ දිවයිනට පැමිණි අතර, මෙම මරණයන් ඇයට දරාගත නොහැකිව දැඩි කම්පනයක් ගෙන දී තිබුණා.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් පොලිස් කොස්තාපල්වරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සෙසු සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


පසුගිය 18 වනදා සිදුවූ අදාළ වෙඩි තැබීමෙන් අනුර ප්‍රියන්ත හෙවත් කජ්ජා නැමැති 39 හැවිරිදි පියා, 06 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා මියගොස් තිබුණා.


මෙම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැදී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබූ අතර, වෙඩි තැබීමෙන් මියගිය අනුර ප්‍රියන්තට ජීව අත්අබෝම්බයක් සහ රිවෝල්වරයක් ලග තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවයි වාර්තා වුණේ.

Post a Comment

Previous Post Next Post