'අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා විතරයි' ගනේමුල්ල සංජීවගේ සිරුර භාරගන්න පැමිණි කෙනා මෙන්න..


 උසාවි සංකීර්ණයේ අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුලදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.


ඒ මරණ පරීක්ෂණයෙන් පසු අධිකරණ නියෝග මත දේහය ඔහුගේ මව වෙත බාරදීමෙන් අනතුරුවයි.


වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද (20) පස්වරුවේ නියෝග කරනු ලැබුවා.


ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ දී මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර, අධිකරණයෙන් වැඩිදුරටත් නියෝග කෙරුණේ ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ල සංජීවගේ දේහය භූමදානය කරන ලෙසයි.

Post a Comment

Previous Post Next Post