මොන පිස්සුවක්ද මේ.. දරුවොත් ලොකු මහත්වෙලා.. ලැජ්ජා නැද්ද මනුස්සයෝ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කියන්න හදන්නේ වෙනස් විදිහක කතාවක්...

එකම ගමේ සිටින එකම වෘත්තියේ නියැළු‍ණු මිතුරකු මෝටර් රථයක් මිලදී ගැනීම ඔහුට නොරිස්සුම් දෙන්නක් වුණා ... ඔහුගේ බිරිය රජයේ සේවිකාවකවීම මෝටර් රථය මිලදී ගැනීමට ඔහුට රුකුලක් . අසල්වැසි මිතුරා ඊට ඊර්ෂ්‍යාවෙන් පෙළුනා... ඔහු නිතර දෙවේලේම කල්පනා කළේ මෝටර් රථයක් මිලදී ගන්න විදිහක් ගැන...

සිය දෛනික අවශ්‍යතා සියල්ල පසෙකලා යතුරුපැදිය ද විකුණා දමා භාර්යාවගේ කන කරද උකසට තබා හිතවතකුගෙන් ඉල්ලාගත් අතමාරුවකින් ඔහු සිය මෝටර් රථ වාහන සිහිනය සැබෑ කර ගත්තා... ඒ ගත්තේ ඉතිරි මුදල පොලියත් සමග වාරික වශයෙන් ලීසිං ආයතනයකට ගෙවීමේ පොරොන්දුව මත.


බිරිය රැකියාවක් නොකළද තමාගේ වෘත්තියෙන් උපයා සපයාගත් මුදලින් ඔහු මෝටර් රථයේ වාරික ගෙව්වා...

කොරෝනා කඩා පාත්වුණේ මේ අල්ලපනල්ලේ...

එදා සිටම ඔහුගේ වෘත්තියට කණ කොකා හැඩුවා...

ඒ සමගම මෝටර් රථයේ වාරික ගෙවීමද අපහසු වුණා...

මෝටර් රථය විකිණීමටද නොහැකි වුණා... සිය අසල්වැසියාගේ මෝටර් රථය දකින දකින පාරක් පාසාම තමන්ගේ රිය විකුණා දැමීමේ ඒ අදහස වෙනස් කර ගත්තා...


ණයට ගත් මෝටර් රථය බේරා ගැනීමට ඔහු දස අතේම කල්පනා කළා. තමා විවාහවූ බිරියට නැන්ද මාමා දෙන්නා දෑවැද්දක් නොදුන් බව ඔහුට පසක්වූයේ එයට පෑදුණු හොඳම විසඳුමක් ලෙසයි. අදහස බිරියට කිව්වා...

මොන පිස්සුවක්ද මේ. දරුවොත් ලොකු මහත්වෙලා .... ලැජ්ජා නැද්ද මනුස්සයෝ ....

තමුසෙට දෑවැද්ද මතක්වුණේ දැන්ද ?

බිරිය ඔහුට ගෙරෙව්වා.

ඔහුද ඊට නිකම් නොසිටියා.. අම්මා තාත්තා දෑවැද්ද නොදුනහොත් මම තමුසේව දාලා යනවා යයි ඔහු ඊටත් වඩා සද්දෙන් ගෝරනාඩු කළා...


මේ දෑවැදි ප්‍රශ්නය දිනෙන් දිනම උග්‍ර වුණා.

දෙන්න දෙමහල්ලන් අතර සණ්ඩු සරුවල් එමට වැඩි වුණා...

බැරිම තැන බිරිය මේ ප්‍රශ්නය පොලීසියට ගෙන ගියා. අසල්වැසියා මෝටර් රථයක් ගත් නිසා සිය සැමියාටද මෝටර් රථයක් ගැනීමට අවශ්‍යවූ බවත් ඔහු එය මිලදී ගැනීමට ප්‍රයෝජනයට ගත් උපාය මාර්ග පිළිබදවත් බිරිය පොලීසියේදී භාර්යාව දිග හැරියා.


මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිවූ විට සිය සැමියා තමාගේ මවුපියන්ගෙන් දෑවැදි ඉල්ලා එන ලෙස නිතර කරදර කරන බවද ඇය හැඬූ කඳුළෙන් කීවේ මෙය දැන් තමාට මෙන්ම දරුදෙදෙනාටද මහත් හිසරදයක් වී ඇති බවයි ...

ප්‍රේම සම්බන්ධයක් මත සිය සැමියා තමා නිවෙසින් පන්නාගෙන ආපු හැටි ඇය අඩමින් කිව්වා...

දෑවැදි තියා ඉනේ තිබූ වස්ත්‍රයද එපා කියලා තමයි සර් එක්කගෙන ආවේ ... ඇය පොලීසිය ඉදිරියේ කීවිට ඔහු ලජ්ජාවෙන් ඇඹරුණා...

ඔන්න ඔයවගේ දේවලුත් ලෝකේ සිදු වෙනවා...

දෙයියෝ සාක්කි

Post a Comment

Previous Post Next Post