සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
තවමත් ඇය ඉන්නේ ලැජ්ජාවෙන්.. හිටි හැටියේම දෙනෝදාහක් ඉස්සරහා ඇයට මේ වගේ දෙයක් සිද්ධ වේවි කියලා මේ තරුණිය නම් කවදාවත් හිතන්න නැතුව ඇති..
වසර තුනක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක වශයෙන් සේවය කොට සිය නිවසට පැමිණි දා තම සැමියාට "අංකල්" යැයි කියා ඇමතූ නිරිඳක් ගැන අසෙන අපූරු කතාවක් තමයි මේ කියන්න යන්නේ.. මෙහෙම තම සැමියාට ආමන්ත්‍රණය කළ කතකගේ පවුල් ජීවිතය බේරුණේ අනූනවයෙන්ලූ...
තරුණ දෙදරු මවක වූ මෙම කාන්තාව සිය සැමියාට එසේ ආමන්ත්‍රණය කර ඇත්තේ ඇය එදින නිවසට පැමිණෙන විට රැගෙන ආ බඩු පෙට්ටියක් වාහනයෙන් බිමට බෑම උදව් කළ අවස්ථාවේලු.. මෙහි සිටි කීප දෙනෙකු එක්වී එම බඩු පෙට්ටිය බිමට බෑමට සුදානම් වූ අවස්ථාවේදී එතෙක් පසෙක වී සිටි සැමියාද, එහි කෙළවරකට අත තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ "අනේ අංකල්ට බෑ ඉන්න මං අල්ලනැයි" කියා එය වළක්වා ඇති බිරිය ඒ සඳහා ඇය ඉදිරිපත්වී තිබුණා...
මේ අවස්ථාවේ දී පිරිස ඉදිරියේ ලජ්ජාවටත්, කෝපයටත් පත් එම පුද්ගලයා අවුරුදු තුනට තමන්ගේ මිනිහත් අමතක වුනාදැයි, අසමින් කෑගසන්නට වුණා.. මෙහිදී ඊට මැදිහත්වූ කීපදෙනකු නිසා පසුව සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකිවී තිබුණා...
සැබෑවටම මෙය එම කාන්තාව හිතාමතාම කළ දෙයක් නොවන බවද සිදුවී ඇත්තේ වසර තුනක් නොසෑහෙන සේ මතට ඇබ්බැහිවූ මෙම පුද්ගලයා නිතර දකින අයකුට හැර වෙනත් අයකුට හඳුනාගත නොහැකි තරමට වෙනස්වී සිටීම බව ගැමියෝ කියන්නට වුණා..
කොහොම වුණත් බිරිය එවූ සල්ලිවලින් ඔහු වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ ගමේ මත්පැන්සලට වන අතර මේ නිසාම ඔහුගේ පෙනුම මේ ඒ වගේ වෙන්නට ඇති බවයි ගම්මු නම් කියන්නේ..
Post a Comment