අහිමි වූ මව් සෙනෙහස සොයා යන “පන්ච්ගේ” කතාව මෙන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මේ කියන්න යන්නේ සියල්ලන්ගේම නෙත් කඳුළින් තෙත් වෙන තවත් එක් කතාවක්. ඒ කතාව ඇසූ සැනින් ඔබටත් නෙතට කඳුළක් උනාවි.


ජපානයේ එක්තරා සත්වෝද්‍යානයකට පැමිණෙන නරඹන්නන්ගේ නෙත් නිතැතින්ම එක් තැනක නතර වෙයි.


ඒ අනෙක් වඳුරන් මෙන් දඟලන, උඩ පනින වඳුරු පැටවෙකු දෙස නොව, තම සිරුරට වඩා විශාල රෙදි බෝනික්කෙකු පපුවට තද කරගෙන මුල්ලකට වී සිටින “පන්ච්” දෙසයි. පන්ච්ගේ මේ හැසිරීම පිටුපස ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ ශෝකජනක කතාවක්.


පන්ච් උපත ලැබූ සැණින් ඔහුගේ මව ඔහුව අතහැර දැමුවාය. මරණාසන්නව සිටි මේ අසරණ පැටවාව බේරාගත්තේ සත්වෝද්‍යාන පාලකයින් විසිනි. ඔවුන් ඔහුට කිරි දුන්හ, උණුසුම දුන්හ. නමුත් මවකගේ පපුවේ උණුසුම රෙදි කැබැල්ලකින් හෝ මිනිස් ස්පර්ශයකින් ලබා දිය නොහැකි බව පන්ච්ගේ ජීවිතය දෙස බලන විට පෙනී යනවා.


ටික කලකට පසු පන්ච්ව නැවතත් වඳුරු රංචුව වෙත මුදා හැරුණද, එහි ඔහුට ඉඩක් තිබුණේ නැත. අනෙක් වඳුරන් මෙන් හැසිරෙන්නට ඔහු දැන සිටියේ නැත. ඔවුන්ගේ භාෂාව ඔහුට තේරුණේ නැත.


සෙල්ලම් කරන වයසේදී පවා ඔහුට උරුම වූයේ හුදකලාව පමණි. අවසානයේදී, තමන්ගේම වර්ගයා අතර ඔහු “ආගන්තුකයෙකු” බවට පත්ව තිබුණා.


අනෙක් වඳුරු පැටවුන් සෙල්ලම් කරන විට, පන්ච් කළේ තමාට වඩා විශාල රෙදි බෝනික්කා තුරුළු කරගෙන මුල්ලකට වී සැඟවී සිටීමයි. තමා තුළ ඇති බිය, අසරණකම සහ තනිකම මකා ගැනීමට ඔහු තම මුහුණ බෝනික්කාගේ මුහුණේ තද කරගත්තා.


ඔහුට ඒ රෙදි බෝනික්කා යනු නිකම්ම සෙල්ලම් බඩුවක් නොව, ඔහු හඳුනන එකම “පවුල” වුණා.

Post a Comment

Previous Post Next Post