සජිත් ප්‍රේමදාසගේ පොඩි දුව මිලියන 7ක වාර්තාවක් තියයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකළ සුවිශේෂ ඡායාරූපයක් මේ වනවිට මිලියන 7 ඉක්මවූ පිරිසක් නරඹා ඇති බව වාර්තා වේ.

එම ඡායාරූපයේ දැක්වුණේ සිංහල සංස්කෘතියට අනුව යමින් සජිත් ප්‍රේමදාස මහතාගේ සිඟිති දියණිය පසඟ පිහිටුවා ඒ මහතාට වඳින ආකාරයකි.

ඒ අනුව, එම ඡායාරූපයට පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් සිය අදහස් දක්වා තිබූ අතර, දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බැහැරව එය අගයමින් ඒ සියලු දෙනාම අදහස් දක්වා තිබීම විශේෂ සිදුවීමකි.

එමෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ පිරිසක් එම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලවල බෙදාගෙන (ෂෙයාර්) තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

ඒ අනුව අදාළ ඡායාරූපය මිලියන 7කට අධික පිරිසක් නරඹමින් විපක්ෂ නායකවරයාගේ සිඟිති දියණිය වාර්තා පොත් අතරට එක් කිරීමට කටයුතු කොට තිබිණි.

Post a Comment

Previous Post Next Post