සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මාතර නාවිමන ප්‍රදේශයේ ගෙවත්තක සෙලලම් කරමින් සිටි 05 හැවිරිදි පිරිමි දරුවෙකු පෙරේදා (20) උකුස්සෙකු විසින් අල්ලා ඩැහැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේ දී පියා ඇතුළු අසල්වාසීන් පිරිසක් පැන එම දරුවා බේරා ගැනීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් උකුස්සාගේ ග්‍රහණයට හසු වීම නිසා සීරිම් තුවාල සිදු වී ඇති එම දරුවා වහා මාතර මහ රෝහල ඇතුලත් කොට මූලික ප්‍රතිකාර ලබා දීමට දෙමාපියන් කටයුතු කර ඇත.
මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ එම සිද්ධිය හේතුවෙන් කුඩා දරුවා දැඩි කම්පනයකට ලක්ව සිටි බවත් මූලික ප්‍රතිකාර වලින් පසු දරුවා නිවසට පිටත් කර යැවු බවත්ය.
ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටි දරුවා එක්වරම කෑ ගසන හඩ ඇසී පියා පැමිණ බලන විට විශාල ප්‍රමාණයේ උකුස්සකු පැමිණ දරුවා ඩැහැ ගෙන පියඹා යාමට සැරසී තිබේ.
දරුවා ඉහලට ඔසවනවාත් සමගම පියා උකුස්සාට පහරදී දරුවා බේරා ගෙන තිබෙන බව කියති.
ඒ සමගම අසල්වාසීන් ද එකතු වී දරුවා රෝහල් ගත කර තිබුණි.පෙර පාසල් වයසේ පසුවන දරුවකු මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.
මේ පිළිබඳව අදහස් දැක්වු එම දරුවාගේ සීයා මෙසේ කීය.
“විශාල ප්‍රමාණයේ උකුස්සෙක් තමයි ඇවිත් තිබුණේ.දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතරතුරයි උකුස්සා ඇවිත් තිබෙන්නේ.දරුවාගේ කෑ ගැසීමේ හඩට තමයි පුතා එලියට පැනලා බලලා තියෙන්නේ.ඒ සමගම දරුවා ඩැහැගෙන පියඹා යාමට එසෙවෙන විට දරුවා අල්ලා ගැනීමට පුතා සමත් වී තිබෙනවා.පෙර වාසනාවකට තමයි දරුවාගේ ජීවිතය බේරා ගන්න පුලුවන් වුනේ.ඉස්පිරිතාලයට ගිහින් බෙහත් විද ගෙන ආවා.තවමත් දරුවා කම්පනයෙන් ඉන්නේ.උණත් හැදිලා තිබෙනවා.හිතා ගන්නවත් බැරි දෙයක් තමයි අපිට වුණේ.සිද්ධියත් සමගම උකුස්සා පියඹා ගියා.මගේ ජීවිත කාලයේදී ඒ වගේ විශාල උකුස්සෙකු දැක්කමයි.”
මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු හා ඡායාරූප ගැනීමට නිල්වලා ගග හරහා පාරුවකින් එතෙර වී ඊයේ (21) එම ගම්මානය වෙත පිටත්ව ගියද දරුවාගේ මව ඊට අවසර ලබා නොදුන්නාය.තොරතුරු ලබා දීමද ඇය ප්‍රතික්ෂේප කලාය.

Post a Comment