ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ විලාසිතා තරගයකට ගිය ගුරුවරියකට විනය ක්‍රියාමාර්ග ගන්නැයි විරෝධයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය බාලිකා පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර විලාසිතා මෝස්තර නිරූපණ තරගයකට සහභාගී වී තිබෙනවා.

එහිදී ඇය බිකිනියකින් (Bikini) සැරසී එම තරගයේ එක් අංගයකට ඉදිරිපත් වීම මේ වන විට දැඩි කතාබහකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

මෙම හැසිරීම ගුරු වෘත්තියට නොගැලපෙන බවත්, පාසල් සිසුවියන් නොමඟ යාමට මෙය හේතුවක් විය හැකි බවත් පවසමින් එම පාසලේ අනෙකුත් ගුරුවරියන් පිරිසක් විදුහල්පතිනිය වෙත බලපෑම් කර තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ ගුරුවරියට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Post a Comment

Previous Post Next Post