තම දියණිය ඇතුළත් කරන්න හදද්දි මාතලේ පාසලක විදුහල්පතිතුමිය පියාගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මාතලේ දිස්ත්‍රික්කයේ බාලිකා පාසලකට තම දියණිය ඇතුළත් කරගැනීම සඳහා ගිය රාජ්‍ය සේවක පියෙකුගෙන් එම විදුහලේ විදුහල්පතිනිය විසින් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බවට චෝදනා කරමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ රාජ්‍ය සේවකයා මෑතකදී මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයකට ස්ථාන මාරුවක් ලබා පැමිණි අයෙකු වන අතර, දියණිය පාසලට ඇතුළත් කරගැනීමේ කටයුතු වෙනුවෙන් විදුහල්පතිනිය හමුවූ අවස්ථාවේදී ඇය මෙම නීතිවිරෝධී ඉල්ලීම සිදු කර ඇති බව පියා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, නිල පරීක්ෂණයක් අවසන් වන තෙක් අදාළ චෝදනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ප්‍රකාශ කළ නොහැක.

Post a Comment

Previous Post Next Post