දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති නිල රථයෙන් වෙඩින් හයර් ගිහින්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය පාලන සමයේ, දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපතිවරයාට වෙන්කරදී තිබූ නිල මෝටර් රථය සහ කැබ් රථය මංගල හයර් සහ වෙනත් පෞද්ගලික වැඩ කටයුතු සඳහා යොදාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මීට අමතරව පසුගිය පාලන කාලය පුරාවට එම නගර සභාවේ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුවී තිබෙන බව හෙළි කර ගැනීමට හැකි වී ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ නායක වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන බව ඒ මහතා පැවසීය.

දැනට ලැබී තිබෙන තොරතුරු මත පදනම්ව මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වත්මන් නගරාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කරන බව විපක්ෂ නායකවරයා පවසයි.

පසුගිය පාලන කාලය තුළ නගර සභා බල ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ ඇතැම් සේවකයින් සම්බන්ධ වී ප්‍රදේශයේ වැඩකටයුතු වලදී දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

Previous Post Next Post